සහනදායි මූල්‍යකරණයකට පිවිසීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

සහනදායි මූල්‍යකරණයකට පිවිසීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

සහනදායි මූල්‍යකරණයකට පිවිසීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

එමගින් අඩු පොලී අනුපාත යටතේ පිරිනැමෙන සහනදායී ආධාර ලබා ගැනීම, ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීමට, දුප්පතුන්ට සහ අවදානමට ලක්වූවන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීමට අදාළ හදිසි සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවස්ථා පුළුල් වන බව එම බැංකුව සඳහන් කර තිබේ.

 

මෙම තීරණයට සලකා බලා ඇත්තේ, සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් අතර ඒක පුද්ගල දළ ජාතික ආදායම සහ ණය ලබාගැනීමේ සුදුසුකම් මතයි. 

 

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවනෝපාය සහ යහපැවැත්ම යළි ගොඩනැංවීම සඳහා තව දුරටත් තමන් සහයෝගයෙන් කටයුතු කරන බවයි.

views

318 Views

Comments

arrow-up