JUN
06
ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය පහළට

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතවල විශාලතම සංරචකය වන විදේශ මුදල් වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන හතරකින් පමණ පහළ ගොස් ඇත.
ඒ අනුව ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන හතරයි දශම තුනකින් පමණ පහත වැටී ඇත.
මේ වන විට ඉන්දියාවේ විදේශ මුදල් වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 521කට ආසන්න වේ.
ඉන්දියාවේ රන් සංචිත ඇමෙරිකා ඩොලර් මිලියන 225කින් පමණ පහළ ගොස් ඇති අතර එහි සමස්ත වටිනාකම දැක්වෙන්නේ ඩොලර් බිලියන 44.9 කි.
පසුගිය මැයි 26 දින වන විට ඉන්දියාවේ සමස්ත විදේශ විනිමය සංචිත ප්‍රමාණය දැක්වෙන්නේ ඩොලර් බිලියන 589.1ක් ලෙසයි.
358 Views
Comments