බිලියන 15ක දුම්වැටි තොගයක් විනාශ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

බිලියන 15ක දුම්වැටි තොගයක් විනාශ කෙරේ

බිලියන 15ක දුම්වැටි තොගයක් විනාශ කෙරේ

නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි මිලියන 200ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා

 

"රේගුව මෙහෙම කළේ නැත්නම් අපිට අහිමිවන ආදායම කෝටි 1300ක්. මේ සිගරට් තොගය තමා අද විනාශ කරන්නේ. මේවා විකුණන්න බෑ. මේවායේ තියෙන ප්‍රමිතිය ගැන කිසිම වගකීමක් කාටවත් නෑ. කඩලා බලපු සිගරට් සම්පූර්ණයෙන්ම අවපැහැ ගැන්වෙලා. ඒ නිසා මේවා සම්පුර්ණයෙන්ම විනාශ කරන්නේ. මේවා විනාශ කිරීම වෙනුවෙන් අපිට ලංකාවේ දුම්කොළ සමාගමෙන් මේ සිගරට් එකකට රු 2ක්. ඒ කියන්නේ කෝටි 40ක් ඒ අයගෙන් අයකර ගන්නවා. ආයතන තුනක් තමා මේවා ගෙනාවා කියලා වාර්තා වුණේ. ඒ අයට ලක්ෂ 25ක දඩයක් ගහලා තමා මේවා රාජසන්තක කරේ. මේක රාජ්‍ය ආදායම පැත්තෙන් බලපුවහම ඉතාම වැදගත්. අනෙක් පැත්තෙන් මේක සමාජගත වුණානම් කිසිම ප්‍රමිතියකින් තොර සිගරට් කෝටි 20ක් පරිභෝජනය කරනවා. මේක රේගු ඉතිහාසයේ විශාලම සිගරට් තොගය විනාශ කරන."

views

227 Views

Comments

arrow-up