පදවිය රෝහලේ රුධිර පෙරණ හිඟයක්

රුධිර කාන්දුකරණයේ දී භාවිත කරන පෙරණවල හිඟය නිසා පදවිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා වකුගඩු රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව එම රෝහලේ වෛද්‍ය අධිකාරී පූර්ණිමා විමලරත්න පවසයි.
සතියකට වකුගඩු රෝගීන් 228 දෙනකු පමණ පදවිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා අතර ඔවුන්ගේ රුධිරය මාරු කිරීමට අවශ්‍ය පෙරණ රෝහලේ නැතැයි ද වෛද්‍ය අධිකාරිවරිය පැවසීය.
මේ අතර පදවිය රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ මැදවච්චිය, ත්‍රිකුණාමලය සහ වව්නියාව ආදී රෝහල්වලින් පෙරණ ආපසු ලබාදීමේ පදනම මත ලබාගෙන රුධිර කාන්දුකරණය සිදුකරන බවත් රුධිර පෙරණ 1200ක් වත් පදවිය රෝහලට අවශ්‍ය බවද ඔහු පැවසීය.
පෙරණවල හිඟය පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කර ඇති බව උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර සඳහන් කර තිබේ.
265 Views
Comments