හික්කඩුවේදී විදේශිකයෙක් දියේ ගිලී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

හික්කඩුවේදී විදේශිකයෙක් දියේ ගිලී මිය යයි

හික්කඩුවේදී විදේශිකයෙක් දියේ ගිලී මිය යයි

හික්කඩුව නගරය ආසන්න මුහුදු වෙරළේ දියනෑමට ගිය විදෙස් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ, 29 හැවිරිදි රුසියන් ජාතිකයෙකි.

 

ඊයේ (07) සවස එම රුසියන් ජාතිකයා දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂ නිලධාරීන් විසින් ඔහුව ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

259 Views

Comments

arrow-up