ඉන්දියාවේ විශාලතම අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

ඉන්දියාවේ විශාලතම අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

ඉන්දියාවේ විශාලතම අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

විදෙස් සංචාරකයින් 1600 දෙනෙකු රැගෙන ඉන්දියාවේ විශාලතම අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන ''Cordelia Empress'' හම්බන්තොට වරායට සේන්දු වුණි.

 

 

Bahamas රාජ්‍යයේ ලියාපදිංචි කර 1990 වසරේදී නිෂ්පාදන කෙරුණු ''Cordelia Empress'' නෞකාව එරට ධජය සහිත යාත්‍රා කරන නෞකාවකි.

 

 

මේ වනවිට නෞකාවේ හිමිකාරිත්වය දරන්නේ ඉන්දියානු සමාගමක් වන අතර 2021 වසරේදී එය අලුත්වැඩියා කිරීමකට ලක්කෙරුණි.

 

 

එම ඉන්දීය සමාගම සහ මෙරට හේලීස් සමූහයේ Advantis අංශය ඇතිකරගත් නව හවුල්කාරීත්වය මත එම නෞකාව ඊයේ පළමුවරට හම්බන්තොට වරායට සේන්දු වුණි.

 

 

ඒ අතරතුර මහල් 11 කින් සහ මීටර් 210 කින් දිගකින් යුත් මෙම අති සුඛෝපභෝගී නෞකාවේ පැමිණි සංචාරකයින් යාල, සීගිරිය, බූන්දල ඇතුළු මෙරට ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතය.

 

 

සංචාරකයින් 1910 දෙනෙකු රැගෙන යාමේ හැකියාව පවතින මෙහි මගී කුටි 796 කින් සමන්විතය.

 

 

671 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සංචාරකයින්ට සත්කාර කිරීම සඳහා මෙහි සේවය කරයි.

 

 

සම්බාහන සහ රූපලාවණ්‍යගාර පහසුකම්, පුස්තකාලයක් ,කුඩා දරුවන්ට අධ්‍යාපනය කිරීම සඳහා වෙන් කළ ස්ථානයක්, කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ත්‍රාසජනක ක්‍රීඩා සිදුකිරීමට ස්ථානයක්ද නෞකාවේ ස්ථාපිත කර තිබේ.

 

 

මෙම මගී ප්‍රවාහන සේවාවේ නෞකාවක් ඉදිරියේදී සෑම මාසයකටම වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ලාංකිකයන්ටද කලින් ඉඩ වෙන්කරවාගැනීම මගින් එහි චාරිකාවක් යාමට අවස්ථාව උදාවනු ඇත.

 

 

views

239 Views

Comments

arrow-up