2023 මැයි 28 - අද දවසේ වැදගත්ම පුවත්

අද දවසේ වැදගත් පුවත් මෙතනින් බලන්න
01. මෝඩාභිමානී නතාෂා අත්අඩංගුවට
මෝඩාභිමානී නම් වැඩසටහනකදී සිතාමතාම සිද්ධාර්ථ කුමරුට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කල නතාෂා එදිරිසූරිය රටින් පිටවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කලේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/unwsN77275u
02. මැතිවරණයක් ඉල්ලා මාලිමාව යළි සටනට
මැතිවරණයක් ලබා ගැනීම සඳහා ලබන මස 8 වනදා සිට යළි සටනට එක්වන බව ජාතික ජනබලවේගය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/politics/oewsN77293u
03. මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන්න
2021 දී ඖෂධ මිල 9% කින් වැඩි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇසිට්‍රොමිසින්, ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සිසිලින්, පැරසිටමෝල් සහ සෙෆුරොක්සයිම් වැනි අත්‍යවශ්‍ය ඖෂධ සඳහා මිල ඉහළ ගියේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yoesN77294e
04. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම තවත් මාස දෙකකින් කල් යයි
2022 අ.පො.ස උසස් පෙළ (උ.පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තවත් මාස දෙකකින් ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auonN77299e
05. ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙක් මරුට
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකු හෘදයාබාධයකින් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayewN77325w
06. ඉන්ධන කෝටාව දෙගුණ වෙයි
ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayuwN77327b
07. ලාබාලතම උපාධිධාරියා
ලොව ලාබාලතම උපාධිධාරියා ලෙස දොළොස් හැවිරිදි Clovis Hung, ඇමරිකාවේ Fullerton College හි උපාධි පහක් ලබාගනිමින් වාර්තාවක් පිහිටුවා ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/Education/ybesN77382y
08. රැඳවියෝ දහයක් සා.පෙළ ලියයි
බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubewN77338n
09. සබ්රි එලවන්න ඡන්දෙ දෙනවා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uowsN77329y
10. යුවළක් පැහැරගත් 6ක් අත්අඩංගුවට
මුදල් ආරවුලක් මත යුවළක් ත්‍රීරෝද රථයකින් පැහැරගෙන එමින් සිටි හයදෙනකු විශේෂ කාර්ය බළකාය විසින් දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පුවත කියවන්න
444 Views
Comments