මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන්න

මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන්න

සියලුම ඖෂධ නිෂ්පාදනවල මිල වෙනස් කිරීමට පෙර මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස ඖෂධ සමාගම් රජයට බලකර සිටියි. ඔවුන් පවසන්නේ විනිමය අනුපාතිකයේ උච්චාවචනයන් පමණක් නොව ප්‍රවාහන වියදම්, විදුලි පිරිවැය සහ බැංකු පොලී අනුපාත වැනි සාධක ඖෂධ මිල කෙරෙහි බලපාන බවයි.

 

 

රජය සුදුසු යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්නේ නම් මිල අඩු කළ හැකි බව ඖෂධ සමාගම් විශ්වාස කරයි. නව මිල ගණන් ජුනි මස මැද වන විට ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, මිල සංශෝධනය විය යුතු ප්‍රතිශතය තීරණය කිරීම සඳහා ඖෂධ සමාගම් සහ මිල කමිටුව අතර හමුවක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර ඇත.

 

 

2021 දී ඖෂධ මිල 9% කින් වැඩි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇසිට්‍රොමිසින්, ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සිසිලින්, පැරසිටමෝල් සහ සෙෆුරොක්සයිම් වැනි අත්‍යවශ්‍ය ඖෂධ සඳහා මිල ඉහළ ගියේය.

 

 

2022 මාර්තු මාසයේදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 60ක මිල 29%කින් ඉහළ ගොස් ඇති අතර, අප්‍රේල් මාසයේදී තවත් ගැසට් නිවේදනයක් මගින් ඖෂධ 60ක මිල 40%කින් ඉහළ දැමීමට අවසර ලබා දී ඇත.

 

 

රජය විසින් නම් කරන ලද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 71 ට අමතරව සාමාන්‍ය ඖෂධ 800 කට පමණ පෙර වසරේ මිල සංශෝධන බලපා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රජයේ මිල සීමාව අදාළ වන්නේ නියමිත ඖෂධ 71 සඳහා පමණක් බව ඔසුසල් හිමියන් ප්‍රකාශ කල ද ආනයනකරුවන් අනෙකුත් ඖෂධ වල මිල ද දළ වශයෙන් 600-800% කින් ඉහළ දමා ඇත.

views

324 Views

Comments

arrow-up