ඉහළම අස්වැන්නක් වාර්තා කළ රිදියගම ගොවීන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ඉහළම අස්වැන්නක් වාර්තා කළ රිදියගම ගොවීන්

ඉහළම අස්වැන්නක් වාර්තා කළ රිදියගම ගොවීන්

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද දිස්ත්‍රික් ගණනාවක ඉහළම අස්වැන්නක් ලබා දී ඇති බවයි.

 

 

දැනට ඉහළම අස්වැන්නක් ලබා දෙන At 362 වී ප්‍රභේදය කුඹුරුවලින් සියයට 17 කම වගා කර ඇත.

 

 

2022 මහ කන්නයේ මෙරටින් හෙක්ටෙයාර් එකකට වැඩිම වී අස්වැන්න වාර්තා කර තිබෙන්නේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් විසිනි.

 

 

ඔවුන් විසින් අම්බලන්තොට වී පර්යේෂණායතනය මගින් නිපදවන ලද At 362 නැමැති වී ප්‍රභේදය වගා කර ඇත.

 

 

එම වී වර්ගය නිසා හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 11 ක් බැගින් ගොවීන් තිදෙනෙක් ලබා ගෙන ඇති අතර එක් ගොවියෙක් වී මෙට්‍රික් ටොන් 10 ක් වාර්තා කර ඇත.

views

280 Views

Comments

arrow-up