දරුවන් ලක්ෂ ගණනක් උදේ කෑම නැතුව බඩගින්නේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

දරුවන් ලක්ෂ ගණනක් උදේ කෑම නැතුව බඩගින්නේ

දරුවන් ලක්ෂ ගණනක් උදේ කෑම නැතුව බඩගින්නේ

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් ලක්ෂ දාහතරකට ආසන්න සංඛ්‍යාවකට ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ  මහතා පැවසීය.

 

 

දරුවන් පෝෂණය කිරීමේ වගකීම අද  මවුපියන්ට දරාගත නොහැකිවූ බරක්වී ඇතැයි  පවසන ගාමිණී  වලේබොඩ මහතා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ට ලබා දිය යුතු පෝෂ්‍ය පදාර්ථ පිරි සත්ත්ව ආහාර මෙන්ම ශාක ආහාරද ලබා දීමට වෙනදා මෙන් මවුපියන්ට හැකියාවක් නැති බව සඳහන් කළ අතර මේ හේතුවෙන් නුදුරු අනාගතයේදීම පෙනෙන හා නොපෙනෙන  පෝෂණ ඌනතා ළමයින් අතර වැඩි විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇතැයිද විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී හා අඩු පෝෂණ අධ්‍යාපනයක් සහිත පවුල්වල දරුවන් අතර මේ තත්වය වඩාත් දරුණුවිය හැකි යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
 

views

290 Views

Comments

arrow-up