2023 මැයි 08 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 25-35 පමණ වේ.
කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45-55 දක්වා වැඩි විය හැක.
කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | |||||
නගරය | උෂ්ණත්වය (සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 30 | 24 | 95 | 65 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මඩකලපුව | 30 | 24 | 95 | 75 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
කොළඹ | 29 | 25 | 90 | 70 | වැසි වාර කිහිපයක් |
ගාල්ල | 29 | 25 | 90 | 75 | වැසි වාර කිහිපයක් |
යාපනය | 29 | 24 | 95 | 85 | වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මහනුවර | 28 | 21 | 95 | 60 | වැසි වාර කිහිපයක් |
නුවරඑළිය | 18 | 14 | 95 | 65 | වැසි වාර කිහිපයක් |
රත්නපුරය | 29 | 24 | 95 | 60 | වැසි වාර කිහිපයක් |
ත්‍රිකුණාමලය | 30 | 24 | 95 | 60 | වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මන්නාරම | 30 | 25 | 95 | 70 | වැසි වාර කිහිපයක් |
356 Views
Comments