ලංකාවේ විදුලි ඉල්ලුම පහළට - මණ්ඩලයටත් පාඩුයිලු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ලංකාවේ විදුලි ඉල්ලුම පහළට - මණ්ඩලයටත් පාඩුයිලු

ලංකාවේ විදුලි ඉල්ලුම පහළට - මණ්ඩලයටත් පාඩුයිලු

පසුගිය වසරේ සමස්ත විදුලි අලෙවිය 4.6% කින් පහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

 

එය ගිගාවොට් පැය 14,520 ක් ලෙස සදහන් වේ.

 

විදුලි කප්පාදුව සහ අධික පිරිවැය මෙලෙස ඉල්ලුම පහළ යාමට හේතු වී ඇති බව සඳහන් වේ.

 

එම වාර්තාවේ සඳහන් වන්නේ ගෘහස්ථ කර්මාන්ත ආශ්‍රිත විදුලි ඉල්ලුම 3.7% කින් අඩුවී ඇති අතර, හෝටල් සහ පොදු සේවා වෙත සිදු කළ විදුලි අලෙවිය 11.7% කින් අඩුවී ඇති බවයි.

 

එමෙන්ම පසුගිය වසරේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 272.9 ක සමස්ත අලාභයක් වාර්තා කර ඇති බව මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 

views

296 Views

Comments

arrow-up