මහාබාගේදී ලක්ෂ 30ක රන් හා දියමන්ති ඉස්සූ කාන්තාවක් පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

මහාබාගේදී ලක්ෂ 30ක රන් හා දියමන්ති ඉස්සූ කාන්තාවක් පොලිස් දැලේ

මහාබාගේදී ලක්ෂ 30ක රන් හා දියමන්ති ඉස්සූ කාන්තාවක් පොලිස් දැලේ

මහබාගේ ප්‍රදේශයේ රන් භාණ්ඩ සහ දියමන්ති සොරකමකට අවශ්‍යව සිටි සැකකාරියක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

ඊයේ (23) දින රාත්‍රියේ කොස්මෝදර පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ලබාදුන් තොරතුරු වලට අනුව සොරාගන්නා ලද රන් භාණ්ඩ සහ දියමන්ති සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

 

25 හැවිරිදි මෙම සැකකාරිය දෙනියාය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී ඇත.

 

පසුගිය එකොලොස් වන දා රන් පවුම් 11 ක් සහ දියමන්ති ඇතුළු රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා දේපළ සොරාගත් බවට මහබාගේ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

views

293 Views

Comments

arrow-up