අල්ලාගත් දැවැන්තම හෙරොයින් තොගයක් සමග නාවික සෙබළු ජයග්‍රාහී ලෙස ගොඩබිමට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

අල්ලාගත් දැවැන්තම හෙරොයින් තොගයක් සමග නාවික සෙබළු ජයග්‍රාහී ලෙස ගොඩබිමට

අල්ලාගත් දැවැන්තම හෙරොයින් තොගයක් සමග නාවික සෙබළු ජයග්‍රාහී ලෙස ගොඩබිමට

දකුණු මුහුදු තීරයේ නාවික හමුදා භාරයට ගනු ලැබූ හෙරොයින් තොගය රැගත් යාත්‍රාව මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙනවිත් තිබෙන බව වාර්තා වේ.

 

අද (17) උදෑසන 05.55 ට සැකකරුවන් 06 දෙනෙකු සමග මෙම බහුදින යාත්‍රාව ගාලු වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කර සිටී.

 

පාර්සල් 10 ක අසුරා ඇති මෙම හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම් 175 ක් බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 3500 ක් බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කර සිටී.

 

බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබියදී, නාවික හමුදාව, පොලිසිය සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඊයේ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබිණ.
 

views

289 Views

Comments

arrow-up