සහල් සහනාධාරය ගන්න ආ වියපත් මවක් තෙරපීමෙන් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

සහල් සහනාධාරය ගන්න ආ වියපත් මවක් තෙරපීමෙන් මිය යයි

සහල් සහනාධාරය ගන්න ආ වියපත් මවක් තෙරපීමෙන් මිය යයි

දිළිඳු පවුල් සඳහා රජය මගින් නොමිලේ ලබා දෙන සහල් ලබා ගැනීම සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පිරිස අතර ඇතිවූ අධික තෙරපීමක් හේතුවෙන් සිහිසුන්ව ඇද වැටුණු කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 68 හැවිරිදි තලාතුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි එක් දරු මවකි.

 

ඇය පෙරේදා (08) දින පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සිටි අවස්ථාවේදී එතැන සිටි පිරිස් අසංවර ලෙස හැසිරීම හේතුවෙන් මෙම තෙරපීම සිදු වී ඇති අතර, මෙම කාන්තාව කාලයක් තිස්සේ දියවැඩියාව සඳහා සායනික ප්‍රතිකාර ලබාගෙන ඇති තැනැත්තියක් නිසාවෙන් පෝලිමේ රැඳී සිටියදී ශරීරයේ සීනි මට්ටම අධික ලෙස පහත වැටීම නිසා මෙම මරණය සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 

ගිලන් රථයක් මගින් රෝගියා තලාතුඔය රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන විටත් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

 

ඇයගේ අන්තිම කැමැත්ත අනුව මෘතශරීරය පේරාදෙණිය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදීමට ඥාතීන් කටයුතු කර ඇති බව සඳහන් වේ.
 

views

251 Views

Comments

arrow-up