විවෘත විශ්වවිද්‍යාලයත් විකිණීමේ සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

විවෘත විශ්වවිද්‍යාලයත් විකිණීමේ සූදානමක්

විවෘත විශ්වවිද්‍යාලයත් විකිණීමේ සූදානමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන විවෘත විශ්වවිද්‍යාලය, පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවට පරිවතනය කිරීමේ  පනත් කෙටුම්පතක් සකස් කර ඇතැයි එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

 

මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, උසස් අධ්‍යාපනයට කිසිදු අදාලත්වයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු විසින් බවද කියා සිටින එම සංගමයේ සභාපති අබ්දුල්ලා මොහොමඩ් රිෆාන් වැඩිදුරටත් කියා සිටින්නේ, රාජ්‍ය විශ්වවිද්‍යාලයක කටයුතු වලට මේ ආකාරයට බාහිර පාර්ශ්වයකට මැදිහත් විය නොහැකි බවත්, මෙම පනත් කෙටුම්පතට ශිෂ්‍යයන්ගේ විරෝධය පළ වී තිබෙන බවත් ය.

 

එසේම, විවෘත විශ්ව විද්‍යාලයේ ගාස්තු 55% කින් ඉහළ දමා තිබීම හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි ද පවසා සිටින ඔහු, මේ හේතුවෙන් විවෘත විශ්ව විද්‍යාල පද්ධතියේ ඉගෙනුම ලබන සිසුන් 34,000 න් 40% ක් පමණ සිය පාඨමාලා අතහරින තත්ත්වයට පත්ව සිටින බවද කියා සිටී.
 

views

288 Views

Comments

arrow-up