පොහොර ප්‍රශ්නයක් හේතුවෙන් තංගල්ලේදී අමානුෂික ඝාතනයක්

අද (27) උදෑසන තංගල්ල පොලිස් වසමේ වැලිආර නෙතොල්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ආර්.එම්. දීපිකා නැමැති එම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් වශයෙන් සේවය කළ 30 හැවිරිදි විවාහක කාන්තාවක් බව පොලිස් වාර්තා සඳහන් කොට සිටී.
තමන් පදිංචි ප්‍රදේශයේම සේවය කළ මෙම කාන්තාව, නිවසේ සිට ක්ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටියදී, පෙර දින පොහොර ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් කෝපයට පත් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට වාර්තා වේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් 'ඩැනී බේබි' නමින් හඳුන්වන 41 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය තංගල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් සිදු කොට, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තංගල්ල රෝහල වෙත යවා ඇති බව වර්තා වේ.
284 Views
Comments