විශ්‍රාමික හාම්පුතාගේ බැංකු කාඩ්පතෙන් වරින්වර මුදල් ඉස්සූ කාන්තාවට වැඩ වරදී

අසනීපව රෝහල් ගත වූ බැංකු නිළධාරියෙකුගේ ATM කාඩ්පතකින් වරින් වර ලක්ෂ 50 කට ආසන්න මුදලක් සොරකම් කළ නිවසේ මෙහෙකාරිය ඇතුළුව තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් පුවතක් පිළියන්දලින් වාර්තා වේ.
තමා අසනීප වී රෝහල්ගත කිරීම හේතුවෙන් ප්‍රතිකාර වලට අවශ්‍ය මුදල් ලබාගැනීමට සිය ATM කාඩ්පත සහ එහි රහස් අංකය නිවසේ වසර 11 ක් සේවය කළ මෙහෙකාරියට ලබා දුන් බවත් නැවත නිවසට පැමිණීමෙන් පසුව ගිණුමෙන් වරින්වර සිය අනුදැනුමකින් තොරව ගත් මුදල් පිළිබඳව අනාවරණය වූ බවත් විශ්‍රාමික බැංකු හිමියා සිය පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
මේ පිළිබඳ පොලිස් විමර්ශන වලදී සැකකාර කාන්තාව මාස 6 ක පමණ කාලයක සිට මෙම කාඩ්පතින් මුදල් ලබාගන්නා අයුරු CCTV කැමරාවක සටහන් වී තිබී හමුව ඇති අතර වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔවුන් පිළියන්දල පොලිසිය විසින් රඳවා ගෙන ඇති බව වාර්තා වේ.
240 Views
Comments