හූනියමක් කිරීම සඳහා මළ සිරුරක හිස්කබලක් ඉස්සූ තිදෙනෙක් කොටු වෙයි

පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව උදාගම පොදු සුසාන භූමියේ මිහිදන් කළ කාන්තාවකගේ සිරුරක හිස ගොඩගෙන ඡායාරූප ගතකර සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හළ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් උදාගම , මහව පදිංචිකරුවන් බවත්, ඔවුන් වයස 18 ,19, 20 යන වයස්වල පසුවන තිදෙනකු බවත් පොලිසිය පවසයි.
මැණික්හින්න ප්‍රදේශයේ පුද්ගලයකුගේ අවශ්‍යතාවය සඳහා ගුරුකමකට මිනී ඔළුවක් ඉල්ලා ඇති අතර ඒ අනුව මිනී ඔළුව ගලවා ගෙන තිබෙන බවත්, ගොඩගත් මිණී ඔලුව නැවතත්වල තුළට දැමූ බව පවසා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මීට මාස තුනකට පමණ පෙර මිය ගිය වයස අවුරුදු 105ක පමණ කාන්තාවකගේ සිරුරේ හිස මෙසේ ගොඩ ගොඩගෙන තිබේ.
මිනී වළෙන් ගොඩගත් හිස සමග සැකකරුවන් ඡායාරූප ගෙන එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු කරගෙන ඇති අතර එම ඡායාරූප අනුව නිවැසියන්ට ලැබුණු තොරතුරක් මත සොයා බැලීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ඥාතීන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
228 Views
Comments