MAR
06
උණ රෝගය හේතුවෙන් රෝහල්ගත කෙරෙන ළමුන් සංඛ්‍යාවේ ඉහළ යාමක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසුවේ මේ දිනවල ඩෙංගු සහ වෛරස් උණ වැළඳුණු ළමුන් රෝහල් ගත වීම ඉහළ ගොස් ඇති බවයි.
මේ වන විට ඩෙංගු රෝගය වැළඳුණු 30 ත් 35 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගතව සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසන අතර ළමුන් පාසල් යැවීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නැයි රෝහල් අධ්‍යක්ෂවරයා දෙමව්පියන් වෙත දැනුම් දෙයි.
291 Views
Comments