ඉන්දියාවෙන් ගෙන එන බිත්තර තොගයේ ප්‍රමිති වාර්තාව අද
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ඉන්දියාවෙන් ගෙන එන බිත්තර තොගයේ ප්‍රමිති වාර්තාව අද

ඉන්දියාවෙන් ගෙන එන බිත්තර තොගයේ ප්‍රමිති වාර්තාව අද

නව දිල්ලියේ පශු සම්පත් අමාත්‍යංශය මගින් මෙරටට ආනයනය කිරීමට නියමිත බිත්තර තොගය සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව අද මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසයි.

 

අනතුරුව එම බිත්තර තොගය රැගත් නෞකාව මෙරටට ළඟා වීමට නියමිත බවද, අදාල බිත්තර තොගය දිවයිනට ලැබීමෙන් පසු මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ද එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නියමිත බවද, වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ආනයනය කිරීමෙන් අනතුරුව එම බිත්තර බේකරි සහ හෝටල් වල භාවිතය සඳහා ලබා දීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

views

270 Views

Comments

arrow-up