මහනුවර නගරය සංවර්ධනයට පියවර ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

මහනුවර නගරය සංවර්ධනයට පියවර ගැනේ

මහනුවර නගරය සංවර්ධනයට පියවර ගැනේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව පුරාණ මහනුවර නගරය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමට ජනාධිතිපතිවරයා විසින් යෝජනාකර ඇත. ඊට අමතරව කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා පියවර ගැනීමට ද නියමිතය.

 

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ඒ කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, නාගරික සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවයි.

 

කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත බව යි. අද (20) උදෑසන මහනුවර ජනාධිපති මන්දිරයේ දී කැබිනට් මණ්ඩලය රැස්ව ඇත්තේ, ඊයේ (19) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු “ජනරජ පෙරහර” අවසන් වීමෙන් අනතුරුවයි.

views

249 Views

Comments

arrow-up