FEB
13
පාසල් සිසුවෙක් මාඔයට පනී

මඩම්පැල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු කොච්චිකඩේ තෝප්පුව පාලමෙන් මාඔයට පැන අතුරුදන් වූ පුවතක් වාර්තා වේ.
මියගිය සිසුවා විසින් තවත් සිසුවෙකුට අයත් ලක්ෂ තුනක් පමණ වටිනා ජංගම දුරකථනයකට හානි කළ බවට මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබී ඇත.
පසුව කොටස් වශයෙන් මුදල් ගෙවීමට එකඟත්වයට පත්වීමෙන් පසු දෙපාර්ශ්වය සමථයකට පත්ව තිබේ.
එම මුදල ගෙවීමට යන බව පවසමින් නිවසෙන් පැමිණ සිසුවා මෙලෙස තෝප්පුව පාලමෙන් මා ඔයට පැන ඇති බව පොලිසිය පවසයි.
224 Views
Comments