දුම්රිය හරස් මාර්ගයක අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

දුම්රිය හරස් මාර්ගයක අනතුරක්

දුම්රිය හරස් මාර්ගයක අනතුරක්

අද (06) දා සවස මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමි දුම්රියක කඹුරුගමුව බොරොල්ල පාර දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාතර පොලීසිය පවසයි.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙනිපිටියේ පදිංචි 41 වියැති එක් දරු පියෙකි.

 

මෙම මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය පසු කිරීමට උත්සාහ දරන අවස්ථාවේදී දුම්රියේ ගැටී ඇති බව පොලීසිය සදහන් කරයි.

 

මෙම දුම්රිය හරස් මාර්ගයේ ආලෝක පහන් සහ අනතුරු ඇඟවීමේ නලා පමණක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසින් විසින් පවසා සිටී. මෙම අනතුරට පත් මෝටර් රථය මියගිය පුද්ගලයා විසින් පදවාගෙන පැමිණ ඇත.

 

අනතුරෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා මාතර මහ රෝහල වෙත රැගෙන යන විටදීත් මිය ගොස් තිබුණි.

 

මාතර පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි  මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ නිලධාරීන් විසින් සිද්ධිය පිලිබද වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

views

228 Views

Comments

arrow-up