යළි විදුලිය නොකැපෙන දවස කියන දවස මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

යළි විදුලිය නොකැපෙන දවස කියන දවස මෙන්න

යළි විදුලිය නොකැපෙන දවස කියන දවස මෙන්න

මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහවැලි අධිකාරියෙන්, ජල කළමණාකරන කාර්යාලයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අද (30) දිනයේ සිට විදුලිය කප්පාදුවෙන් වැළකිය හැකි පරිදි ප්‍රමාණවත් ජල සංචිත මුදා හැරීමට මහවැලි අධිකාරිය, ජල කළමණාකරන කාර්යාලය තීරණය කර ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවනවා.

 

උසස් පෙල විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමට ජල බලාගාර ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රමාණවත් ජලය සැපයීම සම්බන්ධයෙන් ජල කළමනාකරණ කාර්යාලය පෙබරවාරි 01 වැනි දින නැවත රැස්වී තීරණය කරන බව ද ඔහු සදහන් කළා. එදින නැවත විදුලිය කපනවාද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට නියමිතය.

 

ඉදිරි දිනවලදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා‌ කරන හෙයින් විභාග කාලයේ දී අඛණ්ඩව විදුලිය සැපයීමට එය රුකුලක් වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා ඇති බවද ඔහු සදහන් කළා.

 

ජල බලාගාර වලට අමතරව ප්‍රමාණවත් පරිදි විදුලිය ජනනය සදහා අනෙකුත් බලාගාර අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම සදහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇති බවද සභාපතිවරයා පැවසූවා.

 

මෙම නියෝග පරිදි කටයුතු කිරීමෙන් උසස් පෙල විභාගය පැවත්වෙන කාලය තුලදී අඛණ්ඩව විදුලිය සැපයිය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ස්ථාවරය වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

views

261 Views

Comments

arrow-up