හානි වූ කුඹුරු සදහා ගොවීන්ට වන්දි මුදලක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

හානි වූ කුඹුරු සදහා ගොවීන්ට වන්දි මුදලක්

හානි වූ කුඹුරු සදහා ගොවීන්ට වන්දි මුදලක්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට පවසන්නේ වර්ෂාව නිසා වී වගාවට හානි සිදුවී ඇත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දැනුම් දෙන ලෙසයි.

 

ඒ අනුව අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි පිරිනමන අතර හෙක්ටයාරයකට රුපියල් 100,000 ක් බැගින් වන්දි ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

 

විශේෂ රක්ෂණ ක්‍රමය යටතේ කන්නයකට රුපියල් 6,400 ක වාරිකයක් ගෙවීම මගින් රක්ෂණය ලබා ගන්නේ නම් වන්දි වශයෙන් ලබා දෙන රුපියල් 40,000 ට අමතරව තවත් රුපියල් 60,000 ක මුදලක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනවා.

 

 

මේ අතර ගොයම් කහ වී ඇති බවට ලැබෙන පැමිණිලි අනුව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින් කණ්ඩායම් අද (06) දිනයේ අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල කුඹුරු පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

views

225 Views

Comments

arrow-up