රිය අනතුරකින් වයෝවෘද්ධ කතක් මරුට

අද (06) අලුයම පිළියන්දල මිරිස්වත්ත හන්දිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස්රථයක ගැටීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය බව පිළියන්දල පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි සිව් දරු මවකි.
නිවසේ සිට මාර්ගය ඉදිරිපස ප්‍රතිවිරුද්ධ දිසාවට මල්කැඩීමට ගොස් යළි නිවස කරා මාර්ගය හරහා පැමිණෙමින් සිටියදී පිළියන්දල සිට කැස්බෑව දෙසට ගමන් ගත් ජාත්‍යන්තර පාසලකට අයත් සුඛෝපභෝගී බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.
බස්රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
228 Views
Comments