තල්මසුන්ට හිංසා කළ පිරිසට වැඩ වරදී

කල්පිටිය කුඩාව වෙරළට ගොඩ ගැසූ තල්මසුන් පීඩාවට හා මරණයට පත්වන අයුරින් හැසිරුණු අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසා සිටී.
එම තල්මසුන්ගේ සිරුරු මත නැගී උන්ගේ වරල්වලින් අදිමින් එම තල්මසුන්ට විවිධ ආකාරයේ හිරිහැර කළ ළමයින් සහ කාන්තාවන් ඇතුළු පිරිසක් දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බවත් ඒ ජයාරූපය ඔස්සේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ඔහු කියා සිටී.
කන්දකුලිය කුඩාව වෙරළ තිරයට ගොඩ ගැසූ තල්මසුන්ගෙන් තිදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ආරම්භ කොට ඇති අතර මෙලෙස ගොඩ ගැසූ තල්මස් විශේෂය ෆයිලට් වේල්ස් නමින් හැඳින්වෙන බව සඳහන් වේ.
13 දෙනෙකුගෙන් සමන්විත මෙම තල්මසුන් රංචුව ඊයේ දින අලුයම කුඩාව වෙරළ තිරයට පැමිණ ඇත්තේ ඔවුන් කුණාටු රළකට හසු වී සිය රංචුවෙන් අතරමං වූ නිසාය.
223 Views
Comments