අතරමග නතර කළ නිවාස ව්‍යාපෘති වලට ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ඇමති ප්‍රසන්න කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

අතරමග නතර කළ නිවාස ව්‍යාපෘති වලට ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ඇමති ප්‍රසන්න කියයි

අතරමග නතර කළ  නිවාස ව්‍යාපෘති වලට ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ඇමති ප්‍රසන්න කියයි

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ, නිවාස ණය හා ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් ආරම්භ කොට, අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. 2020, 2021 හා 2022 යන වසරවල ආරම්භ කළ ව්‍යාපෘති සඳහා එම ප්‍රතිපාදන හිමිවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ය.

 

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ, එම ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය සැළකිල්ලට ගෙන නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

views

229 Views

Comments

arrow-up