FEB
13
දිනකට මොරටුවේ රුපියල් කෝටියක මත්කුඩු අලෙවි වන බවට හෙළිදරවුවක්

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ඉන් මුදාගැනීමේ අරමුණෙන් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක සවිය ප්‍රජාපාදක වැඩසටහනක් ඊයේ මොරටුව ප්‍රදේශයේ පැවැත්විණි.
මොරටුව ප්‍රදේශයේ පමණක් දිනකට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක හෙරොයින් අලෙවි වන බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී කියා සිටියේය.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මේ වසරේ ගත වූ කාල සීමාව තුළ රුපියල් මිලියන 28 ක මත්කුඩු සිය භාරයට ගෙන ඇති බවද වාර්තා වේ.
214 Views
Comments