කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අදත් අනතුරු ඇඟවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අදත් අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අදත් අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් අදත් ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවට නිවේදනය කරන අතර අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

views

237 Views

Comments

arrow-up