තරුණියක් දූෂණය කළ කපුවා වසර පහළොවකට හිරේ

විවාහය සාර්ථක කරගැනීම සඳහා දේවාලයක් වෙත පැමිණි තරුණියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් මෙසේ සිර දඬුවමට ලක්ව ඇත.
අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ, සැකකරුට වසර 15 ක සිර දඬුවමක් සහ සිර දඬුවමට අමතරව රුපියල් දහසක දඩයක් ගෙවන ලෙසත් එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් හිමි විය යුතු බවත් ය. දූෂණයට ලක්ව ඇති බව පැවසෙන කාන්තාව සිය පෙම්වතා සමඟ 2012 වර්ෂයේ ජූනි මස 28 වනදා සිය විවාහය සාර්ථක කර දෙන්නැයි ඉල්ලා පූජාවක් තැබීමට අදාළ දේවස්ථානයට ගොස් තිබේ.
එහිදී බිත්තරයක් රැගෙන එන ලෙසට පවසා සැකකරු විසින් කාන්තාවගේ පෙම්වතා එම ස්ථානයෙන් පිටත්කර යවා ඇති අතර ඉන්පසුව අදාළ සැකකරු විසින් අදාළ කාන්තාව දූෂණයට ලක්කර ඇති බවට අනාවරණය වී ඇත.
234 Views
Comments