ඡන්දයට ඉදිරිපත්ව සිටින රජයේ සේවකයින්ට මාස තුනක් යන තෙක් පඩි නෑ

පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට මැතිවරණය කල්යාම නිසා මාස තුනක් යනතුරු රැකියාවට යාමට නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් වේ.
අදාල චක්‍රලේඛයට අනුව මැතිවරණය කල්ගියහොත් නාම යෝජනා බාරදුන් දිනයේ සිට මාස තුනක් ගතවනතෙක් එම අපේක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බවත් නාම යෝජනා බාරදී මාස තුනක් ගත වූ පසුව රජයේ සේවකයන්ට නැවත තමන් හිටපු සේවා ස්ථානයට වාර්තා කළ හැකි බවත් එහි සඳහන් වේ.
මෙවර පළාත් පාලන මැතිවරණයට රජයේ සේවකයන් 3000කට ආසන්න පිරිසක් නාමයෝජනා බාරදී තිබේ.
224 Views
Comments