චෝදනා සනාථ කිරීමට සාක්ෂි නැති බව පවසමින් ජමාතේ ඉස්ලාම් සභාපති නිදහස් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

චෝදනා සනාථ කිරීමට සාක්ෂි නැති බව පවසමින් ජමාතේ ඉස්ලාම් සභාපති නිදහස් කරයි

චෝදනා සනාථ කිරීමට සාක්ෂි නැති බව පවසමින් ජමාතේ ඉස්ලාම් සභාපති නිදහස් කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීමට සාක්‍ෂි නොමැති බවට නීතිපතිවරයා කළ දැනුම්දීම අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ සභාපති මුෂ්ටාෂ් හජීල් හක්බාර් එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කරන ලදී.

 

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2019 සැප්තැම්බර් 19 වැනිදා නියෝග කර ඇත්තේ, පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන සිටි එම සැකකරු චෝදනාවලින් නිදහස් කිරීමටයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඉන් මාස කිහිපයකට පසුව පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් නැවත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

 

සැකකරු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දී තිබුණි.

 

සැකකරු වෙනුවෙන් නීතිඥ එම්. ජේ. එස්. සුමාලියා මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ එම්. සී. එම්. මුනීර්, පාරිස් සලේ, සල්වාන් රියාන්, රිස්වාන් උවයිස්, සෙනෝද් දිසානායක සහ මේදා දිසානායක ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ එම්. එම්. සුහහීර් මහතා පෙනී සිටියහ.

views

210 Views

Comments

arrow-up