යාපනයේ විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් පිරිසට ඇප නියම වේ

යාපනයේ දී විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයකු, නීතිඥයකු ඇතුළු 18 දෙනෙකු රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් 11 දා නිදහස් කරන ලදී.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සෙල්වකුමාර් ගජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, යාපනය අධිකරණයෙන් නිකුත් කළ නියෝගයක් නොතකා යාපනයේදී විරෝධතා රැළියක් පැවැත්වීම හා ඊට මූලිකත්වය දීම යන චෝදනා යටතේය. පොලිසිය විසින් අධිකරණ නියෝගයක් මත මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසිය හා මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබෙන අතර පොලිසිය මන්ත්‍රීවරයා ඔසවා ගෙන ගොස් ජීප් රථයක දමා ගෙන ඇත. මාර්තු මස 21 දා මෙම පිරිසට එරෙහි නඩුව විභාගයට ගැනීමට නියමිතය.
218 Views
Comments