ඇස්ටන් 2 නැවේ හිමිකාරීත්වය ගැන තීරණය එළඹෙන 10 වැනි දා

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් විදේශීය ආයෝජන සමාගමක් ආයෝජන කටයුතු සඳහා මෙරටට ගෙන්වන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන හතරකට අධික වටිනාකමක් ඇති නෞකාවක් කූට ලේඛන ඉදිරිපත් කර හිමිකර ගැනීමට තැත් කිරීමකට අදාලව පවතින නඩුවකට ඉදිරිපත් කර ඇති පෙරකලාසියක වලංගුභාවය පිළිබඳ අධිකරණයේ තීරණය ලබන මාර්තු 10 වැනිදා ලබාදීමට දින නියම කළේය.
ඇමෙරිකානු ජාතික ආයෝජන සමාගමක් වන සීමැක්ස් සිලෝන් සමාගම විසින් ඇස්ටන් 2 නමැති ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නෞකාවේ හිමිකාරිත්වයට අදාලව වෙනත් සමාගමක් විසින් එම නඩුව වාණිජ මහාධිකරණය හමුවේ පවරා තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කිරීම නිසා එම පෙරකලාසිය ඉදිරිපත් කළ නීතිඥවරිය සිය පෙරකලාසිය ඉල්ලා අස්කර ගෙන තිබුණේ එකී පැමිණිලිකාර සමාගම නැවේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් කූට ලේඛනයක් ඉදිරිපත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් නිසාවෙනි. අපරාධ කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කූඨ ලේඛනය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත.
පෙරකී පැමිණිලිකාර සමාගම විසින් නැවත නව පෙරකලාසියක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එය ද නැවේ හිමිකාර සමාගම අභියෝගයට ලක්කර තිබිණි. නැව් හිමිකාර සමාගම එම විරෝධතාව ඉදිරිපත් කර තිබුණේ එම පෙරකලාසිය ඉදිරිපත් කරන ලද සමාගමේ ඉරාන ජාතික අධ්‍යක්‍ෂවරයාට එය අත්සන් කිරීමට බලයක් එම සමාගම විසින් ලබා දී නොමැති බවත්, එකී ක්‍රියාව මගින් අධිකරණය නොමඟ යැවීමට පැමිණිලිකාර සමාගම උත්සාහ දරා ඇති බවත් පෙන්වා දෙමින්ය.
208 Views
Comments