අයිරාංගනී සේරසිංහ සහ ලතා වල්පොල කලාකාරිණියන් සම්මානයෙන් පිදුම් ලබයි

ඉකුත් 10 වැනිදා කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා බාබරා කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපට උළෙල හා සම්මාන ප්‍රධාන උළෙල වන සිලෝන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් හි ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන් ඇගයීමේ සම්මාන රාත්‍රිය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන්, සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා ආධුනිකයින් පිරිවරා ගනිමින් පැවැත්විණි.
එහිදී, ප්‍රවීණ රංගනවේදිනී අයිරාංගනී සේරසිංහ හා ප්‍රවීණ ගායනවේදිනී ලතා වල්පොල මහත්මීහු ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන, සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූහ.ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය විසින් එම ගෞරව සම්මාන ප්‍රදානය සිදුකෙරිණි. ශ්‍රී ලාංකික සිනමාවේදීහු රටවල් කිහිපයක් හා තරඟ වදිමින් මෙහිදී හොඳම චිත්‍රපටය, හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ නිළිය ඇතුළු සම්මාන රැසක් දිනාගන්නට සමත්වූහ.
253 Views
Comments