නවසීලන්තයේ සුළි කුණාටුවෙන් විපත් රැසක්

නවසීලන්තයේ අග්‍රාමාත්‍ය, ක්‍රිස් හිප්කින්ස් පවසන්නේ, නවසීලන්තයේ ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් විනාශ වූ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇති බව ය.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, මේ මොහොතේ විපතට පත් පුද්ගලයින්ට අවශ්‍ය ආහාර, නවාතැන්, විදුලිය සහ සන්නිවේදනය යන සේවා සැපයීම සිය රජයේ ප්‍රමුඛතම කාර්යය වන අතර පසුගියදා ඇතිවුණු සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, සන්නිවේදන ජාල බිඳ වැටීමත් සමග නවසීලන්ත වැසියන් දහස් ගණනකගේ තත්ත්වය පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වී නොමැති බවයි.
242 Views
Comments