දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීමට සලස්වන ලෙස දැනුම්දීමක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වයෙන් දරුවන් මුදවා ගැනීම සඳහා ඔවුන්ට වැඩිපුර ජලය පානය කිරීමට සලස්වන ලෙස බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
පෙබරවාරි මාර්තු මාසවල ලංකාවට හිරු මුදුන් වීම හේතුවෙන් රට තුළ අධික උෂ්ණත්වයක් පවතින අතර මේ දිනවල දරුවන් ක්‍රීඩා තරඟ වලට අවුරුදු උත්සවවලට සහභාගි වීම නිසා වෙනදා බොනවාට වඩා වතුර ප්‍රමාණයක් දරුවන් පානය කිරීමට දීම අතිශයින් වැදගත් බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
එසේ ජලය පානය කිරීම අඩු දරුවන් විජලන තත්ත්වයට පත් විය හැකි බවද හෙතෙම පෙන්වා දෙන අතර මේ දිනවල විනාඩි විස්සක් පමණ ජලය නෑමට ලබා දීම ද ඉතා සුදුසු බව කියා සිටියේය.
243 Views
Comments