මිණිපේ වම් ඉවුරු ඇළ සංවර්ධනයට පියවර ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

මිණිපේ වම් ඉවුරු ඇළ සංවර්ධනයට පියවර ගැනේ

මිණිපේ වම් ඉවුරු ඇළ සංවර්ධනයට පියවර ගැනේ

මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.


මිණිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.


වසර තුනකට අධික කාලයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ සැලැස්ම පරීක්ෂා කළ ජනාධිපතිවරයා එහි ඉංජිනේරුවන්ගෙන් ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද කරුණු විමසා තිබෙන අතර ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී  තිබෙන බව සඳහන් වේ.

views

268 Views

Comments

arrow-up