MAR
06
ඉන්දියානු බිත්තර හේතුවෙන් කුරුළු උණ පැතිර යාමේ අවදානමක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කේ. පී. ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් ආනයනය කිරීමට ඇණවුම් කර ඇති බිත්තර තොගය කුරුළු උණ ව්‍යාප්තව පවතින තමිල්නාඩු ප්‍රාන්තයෙන් ගෙන එන නිසා මෙරට කුරුළු උණ ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇති බවයි.
කුරුළු උණ ව්‍යාප්තිය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ බිත්තර මිල ගණන් පහළ ගොස් ඇතැයිද ඔහු පැවසුවේය.
බිත්තර සම්බන්ධයෙන් ඉන්දියාවේ සත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ප්‍රමිති වාර්තාවක් ලබා දිය යුතු වූවද, එය මෙතෙක් නොලැබීම හේතුවෙන් බිත්තර ආනයනය ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
265 Views
Comments