කිලිනොච්චියේ ඉඩමක තිබී යුද සමයේ වළ දැමූ ආයුධ රැසක් හමු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

කිලිනොච්චියේ ඉඩමක තිබී යුද සමයේ වළ දැමූ ආයුධ රැසක් හමු වේ

කිලිනොච්චියේ ඉඩමක තිබී යුද සමයේ වළ දැමූ ආයුධ රැසක් හමු වේ

කිලිනොච්චිය ඉත්තෑවිල් ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිවසේ හිමිකරු විසින් ගෙමිදුලේ වලක් හෑරීමේදී බෑගයක් මතුව ඇති අතර, එහි කිසියම් ආයුධ කිහිපයක් දැක ඒ පිළිබඳ පලෙයි පොලීසියට දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි පලෙයි පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ විමර්ශනයකදී වළ දමා තිබූ අත්බෝම්බ දෙකක් ටී 56 පතරොම් 175 ක් සහ මැගසින් එකක් සොයා ගැනීමට සමත්වී තිබේ.

 

පොලිසිය සැක පළ කරනුයේ මෙම ආයුධ කොටි සංවිධානය විසින් යුද සමයේදී මෙලෙස වල දමන්නට ඇති බවයි.

 

සොයාගත් ආයුධ කිලිනොච්චි අධිකරණයේ නියෝගයකට අනුව නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.
 

views

330 Views

Comments

arrow-up