බිත්තර සහ වී කර්මාන්තයේ අර්බුද කිහිපයක් ගැන කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

බිත්තර සහ වී කර්මාන්තයේ අර්බුද කිහිපයක් ගැන කතාවක්

බිත්තර සහ වී කර්මාන්තයේ අර්බුද කිහිපයක් ගැන කතාවක්

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය පවසන්නේ, රට තුළ මේ වන විට නිෂ්පාදනය වන්නේ බිත්තර ඉල්ලුමෙන් 30% ක් පමණක් බවයි. අද (20) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජ්‍යෙෂ්ඨ උපදේශක මාතලී ජයසේකර මහත්මිය මේ බව කියා සිටියාය.

 

එමෙන්ම රජය වී සඳහා පැනවූ සහතික මිලේ වාසිය ලබා ගෙන ඇත්තේ මහා පරිමාණ වී මෝල් හිමියන් පමණක් බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් පවසයි.

 

ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සභාපති හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ සේමසිංහ මහතා පවසන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් සහතික මිලටත් වඩා අඩුවෙන් වී තොග මිලදී ගැනීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

 

මේ අතර පොහොර සහ කෘමිනාශක මිල ඉහළ යෑමෙන් තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බව අනුරාධපුර දේවානම්පියතිස්ස පුර ප්‍රදේශයේ ගොවීන් චෝදනා කර තිබේ.

views

202 Views

Comments

arrow-up