කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (20) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 50 දක්වා තද වැසි ඇති විය හැකි බවත් කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.
මෙම තත්ත්වයන් සමග ධීවර සහ වෙරළබඩ ප්‍රජාවට ඉතා අවධානයෙන් සිටින ලෙසත් මුහුදු ගමන් වලදී විමසිලිමත් වන ලෙසත් දැනුම් දී ඇති අතර වරින්වර නිකුත් කෙරෙන කාලගුණ වාර්තා පිළිබඳව අවධානයෙන් සිට දෛනික චර්යාවන්හි ඇතිවිය හැකි බාධාවන් සඳහා සූදානම් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.
201 Views
Comments