මහ කන්නයේ වී මිලදී ගන්න රුපියල් බිලියන විස්සක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

මහ කන්නයේ වී මිලදී ගන්න රුපියල් බිලියන විස්සක්

මහ කන්නයේ වී මිලදී ගන්න රුපියල් බිලියන විස්සක්

මහ කන්නයේ වී මිලදී ගැනීම් සඳහා රජය රුපියල් බිලියන විස්සක් වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටී.

 

වීරකැටිය ප්‍රදේශයේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් මසකට සහල් කිලෝ දහයක් නොමිලේ බෙදා දීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

 

දැනට මාස දෙකක් සඳහා ක්‍රියාත්මක කර ඇති සහල් නොමිලේ බෙදා දීමේ වැඩසටහනේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

views

210 Views

Comments

arrow-up