දිවයිනේ ස්ථාන රැසකට නාය‍යෑමේ අවදානම් නිවේදන නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

දිවයිනේ ස්ථාන රැසකට නාය‍යෑමේ අවදානම් නිවේදන නිකුත් කෙරේ

දිවයිනේ ස්ථාන රැසකට නාය‍යෑමේ අවදානම් නිවේදන නිකුත් කෙරේ

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන පරිදි හෙට (21) පස්වරු 8.30 දක්වා වලංගු වන පරිදි බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙකකට නායයෑමේ අවදානමක් පිළිබඳ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

 

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර එක යටතේ විමසිලිමත් වන්නැයි නිවේදනය කර තිබේ.

views

256 Views

Comments

arrow-up