මැතිවරණය නැවතත් කල් යයි

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය වන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ප්‍රමාද වෙන තත්ත්වයක් මත මැතිවරණය තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වේ.
පසුගිය දින මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය ලෙස අප්‍රේල් මස විසි පස්වනදා බවට මැතිවරණ කොමිසම සභාව තීරණය කරන ලද අතර තැපැල් ඡන්ද පැවැත්වීම මාර්තු 28 සිට 32 දක්වා සිදු කිරීමටද තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මැතිවරණ මුද‍්‍රණ කටයුතුවලට අවශ්‍ය රුපියල් මිලියන පන්සියයකට අධික මුදලක් පසුගියදා රජයේ මුද්‍රණාලය විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය කියා සිටී.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ද මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා
මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති වෙත යවන ලද ලිපියට ද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් මෙම සියළු තත්වයන් මත නැවත වරක් මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බවත් වාර්තා වේ.
271 Views
Comments