MAR
06
හම්බන්තොට ගොවීන්ගෙන් වී මිලදීගැනීම ඇරඹේ

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිල දී ගැනීම් ආරම්භ කර තිබේ.
දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා සඳහන් කළේ, ලුණුගම්වෙහෙර සහ බෙරලිහෙල ප්‍රදේශවලින් මහ කන්නයේ වී මිලදී ගැනීම මේ වන විට සිදු කරමින් පවතින බවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 10 ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ.
364 Views
Comments