ජනපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ජනපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

මගීන් හෝ භාණ්ඩ පිට කිරීම, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම බෙදා හැරීම සහ ආහාර පාන, භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් අත්සන් කොට තිබේ.

 

මෙම ගැසට් නිවේදනය මගින් රේගු ආඥා පනතේ අරමුණු අර්ථ දක්වා තිබෙන අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස මාර්ග, පාලම්, බෝක්කු, ගුවන්තොටුපළ, වරාය හා දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් කෙරෙන ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම් ද නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

views

254 Views

Comments

arrow-up