අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

අද කාලගුණය

අද කාලගුණය

අද (21) දිනයේ දී දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල හා පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එසේ ම සබරගමුව පළාතේ හා කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (21) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටියි.

views

249 Views

Comments

arrow-up